Friday, September 20, 2024

සිරකරුවන්ට ඥාතීන් හමුවෙන්න අලුත් ක්‍රමයක්

Must read

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීම සඳහා අන්තර්ජාල පහසුකම් සැපයීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබේ.ඒ වෙනුවෙන් බන්ධනාගාරයට පමණක් භාවිත කළ හැකි මෘදුකාංගයක් නිර්මාණය කර ඇති අතර එය ප්‍රථමයෙන්ම අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ආරම්භ කිරීමට සූදානම් බවද බන්ධනාගාර මූලස්ථානය සඳහන් ක‌ලේය.

මෙම අවස්ථාව හිමිවන්නේ යහපත් කල්ක්‍රියාවෙන් යුත් රැඳවූවන් හට පමණක් වන බවත් එක් අයෙකුට විනාඩි 15ක කාලයක් සිය ඥාතීන් සමග කතා කිරීමට අවස්ථාව හිමිවන බවත් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

බන්ධනාගාර රැඳවියන් බැලීමට කලින් දිනයක් වේලාවක් අන්තර්ජාලය හරහා වෙන් කිරීමටද පියවර ගෙන තිබේ. එයද ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article