Friday, September 20, 2024

බිම වැටී තිබී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්ණ පත්‍රය අහුලාගත් විදුහල්පති පියතුමන්ගේ ගෝලයන්ගෙන් ගුරුවරයෙකුට තර්ජන

Must read

මීගමුව සා.මරියා විද්‍යාලයේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා

මෙවර උසස් පෙළ විභාගයේ තර්ක ශාස්ත්‍ර විශයට අදාල ප්‍රශ්ණ පත්‍රය පැවති දිනයේදී එම ප්‍රශ්ණ පත්‍රයේ තිබූ ප්‍රශ්ණයක් විදුහලේ විදුහල්පති පියතුමන් විසින් විභාගය පැවැත්වෙන අතරතුරම එම විශයභාර ගුරුවරයාගේ විමසීමේ සිදුවීමක් සම්බනදයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්වය තුල, මේ වන විට එම සිදුවීමට සාක්ෂිදරන විදුහලේ ගුරුවරයාට තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි.

මෙසේ විභාග අක්‍රමිකතා චෝදනා එල වී ඇත්තේ මීගමුව සා.මරියා විද්‍යාලයේ විදුහල්පති වන ජයන්ත වික්‍රමසිංහ පියතුමන්ටය.

එම පාසලේ තර්ක ශාස්ත්‍ර විශය උගන්වන වසන්ත මාරසිංහ මහතාට මේ වන විට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් තර්ජන එල්ලව ඇති බව වාර්තා වෙයි.එසේ තර්ජනය කරමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පවසා ඇත්තේ මාරසිංහ මහතා විසින් විදුහල්පතිවරයා ප්‍රශ්ණපත්‍රයේ ප්‍රශ්ණයකට පිලිතුරු විමසූ බවට ලබාදුන් ක⁣ටඋතතරය වෙනස් කන ලෙසටය.විදුහල්පතිවරයා විසින් නොව ශිෂ්‍යයෙකු විසින් විදුහල්පතිවරයාගේ දුරකතනයෙන් තමන්ට අමතා පිලිතුර විමසූ බවට පවසන ලෙස නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් මාරසිංහ මහතාට පවසා ඇත. ඇය වැඩි දුරටත් සදහන කර ඇත්තේ මේ සම්බන්දයෙන් විදුහලේ ආදිශිෂ්‍ය සංගමයද කිපී ඇති බවය.

කෙසේ වෙතත් අද මිගමුව පොලිසියට ගිය සා.මරියා විදුහලේ තර්ක ශ්‍රාස්ත්‍රය උගන්වන වසන්න මාරසිංහ ගුරු මහතා තමන්ට සිදුකරන්නට යෙදුන බලපෑම ගැන පැමිණිල්ලක් කර තිබුණි.

පැමිණිලි කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණ දැක්වු ගුරුවරයා කියා සිටියේ ඉතා පැහැදිලි ලෙස තමන්ගෙන් ප්‍රශ්ණ පත්‍රය ගැන අසා     සිටියේ විදුහල්පති පියතුමා විසින්ම බවත් මොන බලපෑමක් හමුවේ වුව ඒ ප්‍රකාශය වෙනස් නොකරන බවත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article