Friday, September 20, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන්ට පෝෂණ මල්ලක්

Must read

ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 44496 දනෙකුට පෝෂණ මල්ලක් හෙට (21 වැනිදා) සිට ලබා දීමට කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම එක් මල්ලක වටිනාකම රු.965ක් වශයෙන් සදහන් වන අතර  ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 245කට අයත් දරුවන් වෙනුවෙන් රුපියල් කෝටි 4කට අධික මුදලක් මේ වෙනුවෙන් වෙන්කර ඇත

බිත්තර දහයක්, නුඩ්ල්ස් පැකට්ටුවක්, සම​පෝෂ පැකට් හයක්, කඩල කිලෝග්‍රෑමයක්, බිස්කට් පැකට් තුනක් මෙම පෝෂණ මල්ලට ඇතුළත් කර ඇත. විදුහල්පතිවරු මාර්ගයෙන් සිසුන්ගේ නිවසටම පෝෂණ මල්ල බෙදා හැරීමට සැලසුම් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article