Friday, September 20, 2024

නිවාස ඉදිකිරීමට යොදාගන්නා වැලි වල විකිරණ ඇති බව හෙලිවේ, නිවැසියන්ට පිළිකා අවදානමක් ??

Must read

පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේදී සහ දඹුල්ලේ සමාගමක් විසින් ඛනිජ නිස්සාරණය කරගැනීමෙන් පසුව ඉතිරිවන වැලිවල විකිරණ පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යානාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සදහන් කරයි.

එම වැලි වලින් මිනිත්තුවකට ඒකක 500කට වඩා විකිරණ නිකුත් කරන බවත් එය ජපානයේ පුක්ෂිමා විකිරණ කාන්දුවෙන් පසු අද පවතින විකිරණශීලීතාවයට වඩා වැඩි බවද මහාචාර්යවරයා සදහන් කරයි.

පුල්මුඩේ ඛනිජ වැලි සමාගම විසින් වැලි ලබාගන්නා වැලි එම වෙරළ වෙත ගලා එන්නේ ගංගා ඔස්සේ බවත් විශේෂයෙන් යාන් ඔය හා මහවැලි ගග ඔස්සේ ගලා එන වැලි වල මෙසේ විකිරණ අඩංගු බව පර්යේෂණ වලදී හෙලිවී තිබේ. මේ හේතුවෙන් මෙම වැලි යොදාගෙන නිවාස හා වෙනත් ඉදිකිරීම් කරන හා ඒවායේ පදිංචි වන පුද්ගලයන් හට පිළිකා අවදානමෙන් මිදීමට නොහැකි බව මහාචාර්යවරයා සදහන් කරයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සදහන් කර ඇත්තේ වැලි බලපත් ලබාදීමේදී මේ වන තෙක් විකිරණශීලීතාවට පිලිබදව සොයාබලා නොමැති බවයි. ඒ අනුව ඒ සම්බන්දයෙන් වහාම ක්‍රියාත්මක වන බවත් පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් සමග මේ සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඔහු සදහන් කලේය.

(මූලාශ්‍රය – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article