Friday, September 20, 2024

විස්කි වෙනුවට වතුර බෝතල් පිටරට යැවූ ප්‍රධාන රේගු පරීක්ෂයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුව

Must read

විදේශයන්ගෙන් ගෙන්වන මත්පැන් වෙනුවට එම බොතල්වලට වතුර පුරවා ප්‍රති අපනයනය කඑන මහාපරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකලැයි කියන සිදුවීමක් සම්බන්දයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරීක්ෂකවරයෙකු ඇතුළු රේගු පරීක්ෂකවරුන් තිදෙනෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (03) නියෝග කලාය.

මෙසේ රක්ෂිත බන්ධානාගාර ගතකරනු ලැබුවේ ශ්‍රී ලංකා රේගු අධිකාරයේ ප්‍රධාන රේගු පරීක්ෂක රණවක ආරච්චිගේ ගාමිණී පෙරේරා, රේගු පරීක්ෂක මාපලගම ආරච්චිගේ නිශාන්ත ලක්සිරි ,රේගු පරික්ෂක කාලවිල පතිරගේ කසුන් ගයත්‍රී පතිරගේ වන අයවය.

සිදුව ප්‍රදේශයේ පිහිමි ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගමේ තීරුබදු සහිත ගුදම් වල සිට ප්‍රතිඅපනයනය සදහා රැගෙන එන ලද මෙම විදේශීය මත්පැන් තොගයෙන් විස්කි,බ්‍රැන්ඩ්,වොඩ්කා ඇතුලු මත්පැන් බොතල් 924ක් වෙනවුට ලීටරයේ විනිවිද පෙනෙන වතුරබෝතල් පුරවා මෙම වංචාව සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

මෙම සැකකරුවන් විසින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට හෙලිවී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා රජයට බදු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්ථා කර ඇත.

ප්‍රතිඅපනයනය කරන කරන භාණ්ඩ ලෙස ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කර තිබූ අදාළ විදේශීය මත්පැන් තොගයට ඇමරිකන් වෝටර් යව වෙළදනාමයෙන් අසුරන ලද විනිවිද පෙනන ප්ලාස්ටික් බෝතල් 744ක්ද විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 114ක්ද රේගු විමර්ශණ අංශ භාරයට ගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරපත් කර ඇත.

(මූලාශ්‍රය – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article