Saturday, November 23, 2024

” වර්තමාන රජය සුළු ජනතාවට අසාධාරණයක් සිදුකරන්නේ නැහැ – එස් වියාලේන්ද්‍රන් ”

Must read

සුළු  ජාතින්ට බලපාන කිසිදු  වැරදි ක්‍රියාවක්  මෙම රජය විසින් සිදුනොකරනු ඇති බවට  –  තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා  මඩකලපුවේදී පැවති උත්සවයකදී පැවසීය.
ඔහු මේ බව පවසන ලද්දේ මඩකලපු වීචි කල්මුනේ -සබ්රිගම ප්‍රෙද්ශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති වැඩසටහනකට සම්බන්ධ වූ අවස්ථා වේදීය.
වත්මන් අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පෙර පාලන සමයේදී  මෙරට සමෘද්ධිමත් කිරීම සදහා විවිධ මාර්ග වල යටිතල පහසුකම් සකස් කළ බවත් පසුගිය රජය  විශාල සංවර්ධන කටයුතු කිසිවක් සිදු කර නොමැති බවත් ඔහු පවසන ලදී.
ශක්තිමත් රජයක් හරහා අපේ පළාතේ ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීම සඳහා ලැබී ඇති මෙම  අවස්ථාව අප විසින් ප්‍රයෝජනයට ගත යුතුය. මෙම රජය සුළුතර ජනතාවට බලපාන කිසිදු ගැටලුකාරී ක්‍රියා අනුගමනය නොකරන බව අපට විශ්වාසයි.
මෙම ජනතාව හොඳින් වටහා ගත යුතුය. මෙම උත්සවය මඩකලපුව මහ නගර සභා අසෝක් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට රජයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව සහභාගී වූහ.

 

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article