Friday, September 20, 2024

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කරේ

Must read

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ.

පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

එම පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණි.

ඒ අනුව,

  • මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා ආර්. එම්. රත්නයක මහතා
  • සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්. එන්. බි. හපුහින්න මහතාා
  • ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කළා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්. ටි. කොඩිකාර මහතා
  • ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස රංජිත් අබේසිරිවර්ධන මහතා
  • වතු නිවාස හා ප්‍රජායටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඩි.පි.ජි.කුමාරමිරි මහතා
  • බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස ජි. සි. කරුණාරත්න මහත්මිය පත්කර ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article