Friday, September 20, 2024

තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපතිගෙන් රීට් පෙත්සමක්

Must read

කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දෙවරක් වරෙන්තු නිකුත් කර සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා නම් කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවමින් කුරුණෑගල නගරාධිපතිවරයා  අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති අවස්ථාවක ඔහු විසින් රීට් පෙත්සමත් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article