Friday, September 20, 2024

බන්දුල ගුණවර්ධනගේ “සිහිනයකි රෑ” වැඩසටහන නැවත විකාශය තහනම්

Must read

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වු “සිහිනයකි රෑ” වැඩසටහන,නැවත විකාශය කිරීමටත් ඒ වෙනුවෙන් අමාත්‍යවරයාගෙන් රු.ලක්ෂ11 ක  පමණ මුදලක් අයකිරීමටත් රුපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇති අතර එම ඉල්ලීම මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.

රූපවාහිනියේ ගුවන් කාලය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් වෙන්කර මුදල් අයකර ගැනීම ගැටලුවක් නොවුණද, කලින් පටිගත කළ වැඩසටහනක සංරක්ෂණ අයිතිය රාජ්‍ය දේපලක් වන බැවින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයකු වෙත එය ප්‍රචාරක දැන්වීමක් ලෙස යොදා ගැනීම සඳහා අලෙවි කිරිම ගැටලු සහගත බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ලිපියක් මගින් රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article