Friday, September 20, 2024

ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකිකයන්ට විදේශ සබඳතා අමාත්‍යංශයෙන් සහන

Must read

2020 ජුනි 01 වැනි දින සිට අගෝස්තු 15 වැනි දින දක්වා ක්‍රියාත්මක වන ‘සැනටෝරියා 2020’ යන වැඩසටහනට අනුව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයන්ගෙන් ලියකියවිලි නොමැතිවීම හේතුවෙන් අය කර ගන්නා දඩ මුදල අඩු කිරීමට පියවර ගෙන ඇත.ඒ හේතුවෙන් එම මුදල යුරෝ 330 සහ යුරෝ 420 සිට, යුරෝ 140 දක්වා අඩුවීමට නියමිතය.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමු වේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් විදේශ සබඳතා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

මෙම වැඩපිළිවෙල මඟින් දැනට ඉතාලියේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන අතර, ඔවුන්ගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමෙන් පසුව, ඉතාලියේ සේවය කිරීම සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article