Friday, September 20, 2024

මන්දකට හසුවූ තවත් කඳුකර කොටියෙකු ජීවිතක්ෂයට

Must read

තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි මියගොස් සිටියදී ඊයේ (20) දින හමුවූ බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.මෙම සත්ත්වයා හමුව ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේදීය.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම සත්තවයා සොයාගෙන ඇති අතර එම සත්වයා වසය අවුරුදු 7 ක් පමණ වයසැති කොටි දේනුවක් බව එහිදී අනාවරණය වී තිබේ. සිදුවීම සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article