Friday, September 20, 2024

විශ්වවිද්‍යාල වල අවසන් වසර විභාග කල්දමන්න අවශ්‍යතාවයක් නැහැ – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

Must read

උපරිම වශයෙන් නිරෝධායන නීතිරීති ක්‍රියාත්මක කරමින් ආරම්භ කල විශ්වවිද්‍යාල වල අවසන් වසර විභාග කාලසටහන් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මේ වන විට උද්ගතවී නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

අවසන් වසර සිසුන් සදහා නේවාසිකාගාර වල එක් සිසුවෙකුට එක් කාමරයක් වෙන් කර ඇති බවත් කාමරයක් සිසුන් දෙදෙනෙක් සඳහා වෙන් කිරීම සඳහා ඇතැම් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් ඒ මහතා පවසයි. එමෙන්ම විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සමග නිරන්තරයෙන් සම්න්දතාවය පවත්වාගෙන යන හෙයින් විභාග පවත්වාගෙන යන ක්‍රමවේදය සෞඛ්‍ය අංශවල ප්‍රසාදයට හේතු වී ඇතැයි ද සභාපතිවරයා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article