Saturday, September 21, 2024

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාවන් සංශෝධනය කිරීමට පියවර

Must read

කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, හා මාර්ග තදබදය වලක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදුන් වාර්තාවේ නිර්දේශයන්ට අනුව රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.

ඉදිරියේදී මෙම නිර්දේශයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවා  ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article