Friday, September 20, 2024

2019දී රාජ්‍ය ව්‍යාපාර 21කින් රු. බිලියන152ක පාඩුවක්

Must read

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව, 2019 වර්ෂයේදී රාජ්‍ය ව්‍යාපාර 21 ක් රුපියල් බිලියන 152 ක පාඩුවක් ලබා තිබේ.

එය 2018 වර්ෂයේදී ලැබූ පාඩුව වූ රුපියල් බිලියන 160.7 ට සාපේක්ෂව 6% ක ආන්තික අඩුවීමකි.

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වැඩිම පාඩු ලැබූ රාජ්‍ය ව්‍යාපාරයන් ය.

ඒවායේ සමස්ත පාඩුව 93% ක් පමණ වේ.

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව, බැංකුවලින් ලබාගත් ණයවලින් ලංකා විදුලිබල මණ්ඩලය එහි පාඩු පියවා තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට රුපියල් බිලියන 122 ක හිග මුදලක් ගෙවිය යුතුයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2019 වර්ෂයේදී ලබා ඇති පාඩුව රුපියල් බිලියන 11.8 කි.

2018 වසර අවසානයේදී එම සංස්ථාවට ලැබිය යුතුව තිබූ හිඟ මුදල රු. බිලියන 164 ක් විය.

2019 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 44 ක පාඩුවක් ලබා තිබූ අතර වසර අවසානය වන විට සමාගමේ සමුච්චිත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 699 කි.

2019 වසර අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 26.8 ක් හිග මුදලක් ගෙවිය යුතුව තිබිණ.

2019 දී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ලැබූ පාඩුව රුපියල් බිලියන 1.2 කි.

ලංකා සතොස පාඩුව රුපියල් බිලියන 2.98 යි.

සීමාසහිත ලංකා සීනි සමාගම පාඩුව රුපියල් බිලියන 1.3 යි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාඩුව රුපියල් බිලියන 1.2 යි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවපාඩුව රුපියල් බිලියන මිලියන 954 යි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රජය සතු ආයතන 55 ක් පිළිබඳ තොරතුරු පමණක් බව ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව, 2006 සිට රජය සතු ව්‍යාපාරවල සමුච්චිත පාඩුව දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 1.09 කි.

වංචා වැරදි කළමනාකරණය දූෂණය සහ නොසැලකිල්ල, අභ්‍යන්තර පාලනය ප්‍රමාණවත් නොවීම ඇතුළු කරුණු වසර ගණනාවක් තිස්සේ අත්විඳින අලාභවලට ප්‍රධාන වශයෙන් හේතුව බව පර්යේෂණවලින් ඉස්මතුව තිබෙන කරුණකි.

(newsfirst)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article