Friday, September 20, 2024

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

Must read

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් 09 වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කරමින් ඇති බව වාර්ථා වෙයි.

ඒ අනුව ඊට ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුපාඩු හඳුනා ගැනීමේ පෙරහුරුවක් ඊයේ(22) පාර්ලිමේන්තු කාරක සභා ශාලාවේදී පැවැත්විය.

මෙම ක්‍රමය අනුව කාරක සභා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පොදු ජනතාවට පාර්ලිමේන්තු පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සහභාගී විය හැකි වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article