සියලුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා අද(08) සිට සමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි. මින් පෙර ප්‍රවාහන සීමාවන් ක්‍රියාත්මක වූ ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කයන් වලද ප්‍රවාහන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.
එමෙන්ම අද සිට සියලුම තැපැල් හා කාර්යාල ද දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
කෙසේ වෙතත් සියලුම මගී ප්‍රවාහන සේවාවන් ක්‍රියාක්ම වන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට අනුව බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේය.


