Friday, September 20, 2024

මැතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සූදානම් වන්න – මැ.කො මුද්‍රණ දෙපාර්තමේන්තුවට දන්වයි

Must read

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැනුම් දී  ඇති බව වාර්ථා වෙයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව මෙම කටයුතු අරඹන බවද මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සදහා අංශ කිහිපයක් යොදාගැනීමට නියමිත අතර අවශ්‍ය ඡන්දපත්‍රිකා ප්‍රමාණය මුච්‍රණය කිරීම සදහා දින 15 – 20 ත් අතර කාලයක් ගතවනු ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්දදායකයන් එක්කෝටි හැටනවලක්ෂයක් සුදුසුකම් ලබා සිටිති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article