Friday, September 20, 2024

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකරන්න ණයක් දුන්නේ නැහැ – ICC

Must read

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සදහා කිසිදු ණයක් හෝ ආධාරයක් ලබානොදුන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය හා සන්නිවේදන කළමණාකරු රාජ්ශේකර් රාඕ මහතා මේ බව සදහන් කර ඇත්තේ News1st වෙත අදහස් දක්වමිනි.වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ ඒ සම්බන්දයෙන් එකගතාවයක් හෝ සාකච්ඡාවක්ද සිදුනොවුන බවයි.

මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්දයෙන් විරෝධකා මතුවීමත් සමග මෙම ක්‍රීඩාංගනය ඉදිකරනු ලබන්⁣නේ රජයේ වියදමින් නොව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් බව ලිපියක් මගින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නට යෙදුන අතර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහකා සදහන් කර සිටියේ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ ආධාර මත සිදුවන්නක් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article