Friday, September 20, 2024

විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරීම මැයි 20 සිට

Must read

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචිකර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කිරීමේ කටයුතු මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.ඒ සදහා ලියාපදිංචි වීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සිදුකල හැකිය.

විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත තම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුවන අය ලියාපදිංචියේදී ප්‍රමුඛත්වය ලබා අතර කුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සදහා පිටත්ව යාමට මෙහි පළමු අදියරයේදී අවසර හිමිවේ.

මෙලෙස විදේශ ගතවීම සදහා දකුණු කොරියාව, ජපානය, කැනඩාව , ජර්මනිය යන රටවල සේවා යෝජකයන් විසින් තමන් ගෙන්වා ගනනා ශ්‍රී ලාංකිකයන් එරටදී නිරෝධායනයට ලක් කරන බවට නිකුත්ක සහතික කිරීමේ ලිපිය අනිවාර්ය වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article