Friday, September 20, 2024

සමගි ජන බලවේගයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හා ඡායා කැබිනට්ටුවක්

Must read

මින් පෙර එක්සක් ජාතික පක්ෂයට සම්බන්දව සිටි බහුතර පිරිසක් මේ වන විට සමගි ජනබලවේගය හා සම්බන්දව සිටින බැවින් සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර වෙනස පෙන්නුම් කෙරෙන ප්‍රතිපත්ති ඇතුළත් ලියවිල්ලක් ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රකාශයට පත්කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

එමෙන්ම රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්දයෙන් විමසිලිමත්ව සිටිනු පිණිස සමගි ජනබලවේගය මගින් ඡායා කැබිනට්ටුවක් පත් කිරීමටත් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. දැනට තිබෙන සෑම අමාත්‍යංශයක් සඳහාම ඡායා ඇමතිවරයකු පත්කරනු ලබන අතර එම අමාත්‍යංශ තුළ සිදුවන සියලු කරුණු පිළිබඳව සොයා බැලීම, අදහස් දැක්වීම, ගැටළු වලට විසඳුම් ලබාගැනීම වැනි වගකීම් මෙම ඡායා කැබිනට්ටුවේ ඇමතිවරයෙකුට පැවරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article