Friday, September 20, 2024

ඇදිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම – ජනතාවගේ හැසිරීම සතුටුදායක නැහැ

Must read

කොවිඩ් ව්‍යාප්තිය රට තුල සිදුවීම ආරම්භවීමත් සමග දිවයිනටම පැනවූ ඇදිරි නීතිය මැයි 11 වනදා සිට යම් ලිහිල් කිරීමටකට ලක්වූ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වල ජනතාවට උදෑසන 5.00සිට ඇදිරිපනීතිය ඉවත් කර යළි රාත්‍රී 8.00 පැනවීම සිදුවිය.
එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් රැකියා සදහා පුද්ගලයන වෙක රැකියා කටයුතු සදහා ගමන් කිරීමට අවසර හිමිවිය.ඇදිරි නීතිය පවතින දිස්ත්‍රික්කයන් වල අත්‍යවශ්‍ය සේවා හා රැකියා ස්ථානවලට එන අයට හැර වෙන කිසිවකුට වාහන භාවිතයටඅවසර හිමි නොවේ.

පොලීසිය විසින් පැනවූ නීති එසේ තිබියදීත් ජනතාවගේ හැසිරීම සතුටුදායක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය. ඇතැම් අවස්ථාවන් වලදී කිසිදු ආකාරයක නිරෝධායන රීතියකට ගරු නොකර මහජනතාව කටයුතු කරන ආකාරය නිරීක්ෂණය වූ බවත්,සමහර ස්ථානවල මහජනතාව හැසිරුණු ආකාරය වීඩියෝ ගතකර තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

කොළඹ නගරය CCTV පද්ධතියක් මගින් පරික්ෂා කෙරෙන බවත් අනවශ්‍ය ලෙස පැමිණෙන පුද්ගලයන් හා වාහන පිළිබඳව සොයා බැලීමට සිවිල් ඇඳුමින් නිලධාරීන් රැසක් ඊයේ (12 වැනිදා) සිට යොදවා ඇති බවත්, ඔවුන්ගේ දැනුම් දීම අනුව නිල ඇඳුමින් සිටින නිලධාරීන් අවශ්‍ය අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවද,සීසීටීවී නිරීක්ෂණයන්ට අනුව දුරස්ථාභාවය යන කාරණය අමතක කර ජනතාව හැසිරෙන අයුරු නිරීක්ෂණය වූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article