Friday, September 20, 2024

ඉන්දියාවේ කර්මාන්තශාලාවක ගෑස් කාන්දුවක් – 8 දෙනෙක් ජීවිතක්ෂයට සියගණනකට ස්වසන අපහසුතා

Must read

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් හි බහුඅවයවික ( polymer factory) කර්මාන්තශාලාවක ඇතිවූ විශවායු කාන්දුවක් හේතුවෙන් පුද්ගලයන් 8දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් ස්වසන අපහසුතා හා වෙනත් ආබාධ සහිතව රෝහල් ගත කර ඇති බව වාර්ථා වෙයි.

රෝහල් ගතකරඇති සියලු දෙනා ඇස් වල වේදනාව හා හුස්ම ගැනීමේ අපහසුතාවය සහිතව රෝහල් ගත කර ඇති බව වෛද්‍යවරුන් පවසයි.

ආන්ද්‍රා ප්‍රදේශ්හි පරිසර දූෂණ පාලන මණ්ඩලයේ නිලධාරියෙකුට අනුව මෙසේ කාන්දු වී ඇත්තේ ස්ටයරීන් නම් වායුවයි.වායු කාන්දුව පාලනය කරගැනීමට මුලිකය යෙදූ උපක්‍රම අසාර්ථක වීම හේතුවෙන් වායු කාන්දුව නවතා තත්වය පාලනය කිරීමට පැය කිහිපයක් ගතවනු ඇති බවද වාර්ථා වෙයි. ඒ හේතුවෙන් වායුවේ බලපෑම ඇති විය හැකැයි විශ්වාස කෙරෙන කිලෝමීටර 3ක පමණ ප්‍රදේශයක ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

 

(බීබීසී)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article