Saturday, September 21, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Must read

මධ්‍යම, දකුණ,ඌව, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත්වලද, වව්නියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේ දීද, බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල හා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු හේතුවෙන්  සුලගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70 -80ක් දක්වා වර්ධනය විය හැකිබව හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඒ හේතුවෙන් මුහුදේ රළ ද ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින අතර ධීවරයන්ට හා නාවිකයන්ට මේ සම්බන්දයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article