ඇදිරි නීතිය ඉවත් කලත් දිවයිනේ ඇතැම් ප්‍රදේශව ජනතාවට ගමන් කිරීම සදහා ප්‍රමාණවත් බස්රථ ප්‍රමාණයක් ධාවනය නොවූ බව වාර්ථා වෙයි.
විශේෂයෙන් තංගල්ල හා බෙලිඅත්ත ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් පරිදි ප්‍රවාහණ පහසුකම් නොපැවතීම හේතුවෙන් ජනතාව විශාල අපහසුතාවයකට පත්වූ බව ලංකාදීප වෙබ් අඩවිය වාර්ථා කර සිටියි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනෙකු හදුනාගැනීමත් සමග බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සේවයට වාර්තා කිරීමට බියක් දැක්වීම හේතුවෙන් බස් රථ ධාවනයේ අඩුවක් සිදුව ඇති බවද වාර්ථා වෙයි.