Friday, September 20, 2024

පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාදතයෙකු බවට තහවුරු වෙයි

Must read

ඊයේ (20) දිනයේදී හදුනාගත් කොරෝනා ආසාදිතයෙකු පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් බව වාර්ථා වෙයි. එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

මෙම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අනතුරුව සිදුකල පරීක්ෂණ වලදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව අයිඩිඑච් රෝහලට ඇතුලත් කර තිබේ.

මේ වන විට එම  පුද්ගලයා  ආ ගිය බව කියන එම ප්‍රදේශයේම  නීතිඥවරියකුගේ නිවසක්  සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං   නිරෝධානයට ලක් කර ඇති බව වාර්ථා වෙයි.

(මූලාශ්‍රය – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article