Friday, September 20, 2024

මැනිං වෙළඳපොළට එළවළු හා පළතුරු අලෙවිකළ සියලුම වෙළඳුන්ට දැනුම් දීමක්

Must read

(3.00 pm)

දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් – 19 (Covid -19) ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් තවත් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.

ඒ හේතුවෙන්;

1. දැනට එළවළු හා පළතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දැනුම්දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසද,

2. මැනිං තොග වෙළදපොළින් තොග සිල්ලර වෙළඳාම සඳහා එළවළු හා පළතුරු මිල දී ගත් වෙළඳ මහතුන් එම මිල දී ගැනීම් සඳහා ඉහතින් සඳහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙසද දන්වනු ලැබේ.

3.තවද, පවතින තත්ත්වය හේතුකොට ගෙන තොග වෙළඳපොළවල් තාවකාලිකව වසා තැබීම හේතුවෙන් එළවළු හා පළතුරු තොග අපතේ යාමක් සිදුවිය හැකි බැවින් අස්වනු නෙළීම පමා කළ හැකි බෝගයන්ගේ අස්වනු නෙළීම ප්‍රමාද කිරීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බවද ගොවි ජනතාව වෙත දන්වනු ලැබේ.

4.මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පළතුරු දිසාපතිවරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිල දී ගෙන මහජනතාවගේ එළවළු හා පළතුරු අවශ්‍යතාවන් සැපයීම නොකඩවාම කරගෙන යනු ලැබේ.

(Adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article