Friday, September 20, 2024

සහල් සදහා පාලන මිලක්

Must read

ඊයේ (10)දිනයේ සිට බලපැවැත්වෙන ලෙස සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිම සදහා අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රැම් 01ක උපරිම සිල්ලර මිල 125ක් වන අතර තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 90ක් වෙයි.

සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල මෙන්ම තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල ද රුපියල් 90ක් වන බව අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම සුදු හා රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළීබඳ අධීකාරිය විසින් සහල් වර්ග සදහා නියම කර ඇති මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ඒවා වෙළඳාම් කිරිම, වෙළඳාම් කිරිම සදහා ඉදිරිපත් කිරිම හා වෙළඳාම සදහා ප්‍රදර්ශනය කිරිම නොකළ යුතු බව ද ගැසට් නිවේදනයේ සදහන්ය.

(Adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article