Friday, September 20, 2024

ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව යාවත්කාලීන කිරීම

Must read

 

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අධිඅවදානම් දිස්ත්‍රික්කයනන වශයෙන් හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු දිස්ත්‍රික්ක 19ට හෙට (09) බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. එම දිස්ත්‍රික්කවලට නැවතත් අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා පනවා ඇති දිස්ත්‍රික්ක අතර ගමනාගමන තහනම තවදුරටත් ක්‍රියාත්මකය.

එමෙන්ම කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article