Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිරෝධායනය වූ පලමු කණ්ඩායම නිරෝධායන මධ්‍යස්ථාව වලින් පිටත් වෙයි

Must read

විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් වෙත යාම ආරම්භ කර ඇත.

ඒ අනුව නිරෝධායනය වූ 311 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව යන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එම සංඛ්‍යාවට පුනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු, කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108දෙනෙකු ඇතුලත්ය

මෙම පිරිස් මහනුවර, මාතර සහ ගාල්ල දක්වා යුධ හමුදාවේ මැදිහත්විමෙන් බස් රථ මගින් රැගෙන යාමට නියමිතව තිබේ.

ඔවුන්ට අවශ්‍ය දිවා ආහාරය සහ කුඩා දරුවන්ගේ ආහාර ද යුධ හමුදාව විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article