Friday, September 20, 2024

ගැබිනි මව්වරුන්ට උපදෙස් මාලාවක්

Must read

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, ඊයේ(20) පස්වරුව වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වු බවයි.

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලෙන් සහ තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලෙන් ඊයේ පස්වරුව වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේය.

ඔවුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් බව සඳහන්.

ඊට අමතරව අයි.ඩි.එච්.රෝහලෙන් කොරෝනා වෛරස ආසාදිතයින් දෙදෙනෙකු ද කොළඹ ජාතික රෝහලෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයෙකු ද ඊයේ පස්වරුව වන විට වාර්තා විය.

‍මේ අතර COVID-19 කොරෝනා ව්‍යාප්තිය වන මේ අවදියේදී, ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී තිබේ.

1. ගර්භණී බව තහවුරුවුණු ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දුරකතනයෙන් අමතා ඒ බව දැනුම් දෙන්න.

2. ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී කාන්තාවන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.

3. ඔබගේ ගර්භණි කාලය මාස 8 කට (සති 32 කට) අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේ නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වත්මන් තත්ත්වය පිළිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න.
– දියවැඩියාව
– අධික රුධිර පීඩනය
– හෘද රෝග
– ශ්වසන ආබාධ
– වෙනත් කිසියම් රෝග ලක්ෂණ හෝ අපහසුතාවයක් ඇත්නම්

4. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වලකින්න – උදා. උත්සව සහ වෙළදසැල් වෙත යාම.

වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගත හැක.

(Adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article