Friday, September 20, 2024

ශ්‍රී පාද වන්දනාගමන් නැවැත්විය නොහැකියි – ශ්‍රී පාදස්ථාන ප්‍රධානී හිමියන්

Must read

ශ්‍රීපාද වන්දනාගමන් නවතා දමන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා සිටියත් වෙසක් පොහොය දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන තුරු ශ්‍රීපාද වන්දනාගමන් නවතානොදමන බව ශ්‍රී පාදස්ථාන ප්‍රධානී පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසති.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වන රෝහණ පුෂ්පකුමාර මහතා විසින් ශ්‍රී පාද වන්දනා ගමන්  නවතා දමන ලෙස බුද්ධ සාසන අමාත්‍යංශයෙන් ඉල්ලීමක්ද කරතිබිණි.

ශ්‍රීපාදස්ථාන ප්‍රධානී හිමියන් පවසන්නේ අතීතයේ සිට ජනතාව විශාල කැපකිරීමක් කරමින් මෙන්ම සතුන්ගෙන් හා ස්වභාවික විපත් වලින් වන අනතුරු හේතුවෙන් සිය ජීවිතද අනතුරේ හෙලමින් ශ්‍රී පාදස්ථානය වන්දනා කල බවයි. ඒ හේතුවෙන් බුදුහිමියන්ගේ හා සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ශ්‍රී පාදස්ථානය වන්දනාකරන බැතිමතුන් වෛරස් ඇතුළු වෙනත් ලෙඩ රෝග වලට බිය වන්නේ නම් මේතාක් කාලයක් ශ්‍රී පාදස්ථානය වන්දනාකිරීමට ජනතාව නොපැමිණෙන බවත් උන්වහන්සේ සදහන් කරති.

කෙසේ වෙතත් ශ්‍රී පාද වන්දනාගමන් නවතා දමනවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය බුද්ධසාසන අමාත්‍යංශය සතුව තිබෙන බවද උන්වහන්සේ සදහන් කරති

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article