හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනා අත්සන් කිරීමට ඊයේ (12) කටයුතු කර තිබිණි. මේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තහවුරු කර ඇත. කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය හෝ හිටපු ජනාධිපති සිරිසේන වෙත ලබාදී නොමැති අතර ඔහු අපේක්ෂකයෙකු ලෙස පමණක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වනු ඇත.
කෙසේ වෙතත් මේ වන විට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන රාජපක්ෂ වැනි කිහිපදෙනෙකු පොහොට්ටු අපේක්ෂකයන්ට හැර වෙනත් අපේක්ෂකයන් වෙත මනාප ලබානොදෙන ලෙස ප්‍රසිද්ධියේ පවසා ඇති අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ 1977 මහ මැතිවරණයට පසුව ශ්‍රිලනිප ය ලබන අඩුම මන්ත්‍රී ප්‍රමාණය මෙවර අත්කර ගනු ඇති බවය.