Saturday, September 21, 2024

මෙරට ප්‍රධාන පෙලේ යූටියුබ් චැනල් කිහිපයක් හිටි හැටියේ අතුරුදන් වෙයි

Must read

 

මෙරට ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය යූ ටියුබ් චැනල් කිහිපයක් අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.ඒ අනුව හාස්‍යජනක වීඩියෝ ඉදිරිපත් කරන “ලකයි සිකයි”, ‘ජනයි ප්‍රියයි” හා “චූටි මල්ලි පොඩ් මල්ලි” යන යූටියුම් චැනල් මෙලෙස අතුරුදන් වී ඇත.

මෙම සියලුම යූටියුබ් නාලිකාවන් විශාල ප්‍රේ්ෂකයන් පිරික් සිටින නාලිකාද වෙයි. කෙසේ වෙතත යූටියුබ් චැනයක් මේ ආකාරයෙන් අතුරුදන් වූ ප්‍රථම අවස්ථාවද මෙය නොවන අතර පසුගියබදිනක “රැට්⁣ටා” යූටියුබ් චැනලයද හිටි හැටියේ අතුරුදන් වීම සිදුවිය.නමුත් පසුව එම චැනලය යථා තත්වයට පත් කර ගන්න⁣ට ඔවුන්ට හැකිව තිබින.

යූටියුබ් යනු ගූගල් සමාගම හරහා පාලනය වන සමාජ මාධ්‍යයක් වන අතර යම් දැනලයක් ඉවත් කරන්නටනම් එම චැනලයේ අන්තර්ගතය යූටියුබ්හි ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම හෝ විකාශනය කරන දේ වල හිමිකම් සම්බන්දයෙන් ගැටලු ඇති විය යුතුය.
එම නාලිකා අතුරුදහන් වී ඇතත්, ඒවායේ සමහර අන්තර්ගතයන් තවමත් තෙවන පාර්ශවීය ෆේස්බුක් පිටු සහ තෙවන පාර්ශවීය යූ ටියුබ් නාලිකා වල සොයාගත හැකිය.

(මූලාශ්‍රය – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article