Friday, September 20, 2024

රූපවාහිනියේ සෙවකයන්ට වැටුප් ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමට අමාත්‍යවරයා තීරණය කරයි

Must read

රූපවාහිනි සංස්ථාව මුල්‍යමය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් සේවකයන්ට මේ වසරේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් 48,000,000 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

අමාත්‍යවරයා විසින් සංදේශයක් මගින් මෙම ඉල්ලීම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර රජයේ වැඩසටහන් ප්‍රචාරය කිරිම වෙනුවෙන් නොමිලේ දෙන ගුවන් කාලයේ වටිනාකම ද සැළකිල්ලට ගෙන මෙම මුදල ලබා දෙන්නැයි අමාත්‍යාංශය ඉල්ලා ඇත.

රූපවාහිනී සංස්ථාව විසින් කිසිදු අයකිරීමකින් හෝ අනුග්‍රාහකත්වයකින් තොරව 2017 වසරේදී රුපියල් කෝටි 40 ක පමණද 2018 වසරේදී රුපියල් කෝටි 44 ක පමණ ද වටිනා ගුවන් කාලයක් රජයේ වැඩසටහන විකාශය සඳහා ලබා දී ඇති බව වාර්ථා වෙයි.
රූපවාහිනි සංස්ථෘවේ සේවකයන් ගණන 930 ක් පමණ වන අතර ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 5ක් මණද, වෙනත් දීමනා ගෙවීම සදහා  තවත් රුපියල් කෝටි 4 ක වැයවන බවද වාර්ථා වෙයි.

රූපවාහිනී සංස්ථාවේ තත්වය මේ ආකාරයෙන් අර්බුදයක් දක්වා වර්ධනය වී ඇතිවා සේම පසුගියදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ඉතිහාසයේ ප්‍රථම වරට නියමිත දිනට සේවකයන් වෙත වැටුප් නොලැබීමේ සිදුවීමක්ද වාර්ථා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article