Friday, September 20, 2024

ළමා ලිංගික අපයෝජන වීඩියෝව ගැන හෝඩුවාවක්

Must read

සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කුඩා දැරියක ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව ඊට මුදා හළ මූලාශ්‍ර ගැන හෝඩුවාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය මගින් ඒ ගැන මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඒ අනුව මෙම හඳුනාගැනීම් කර ඇතැයි ද මහාචාර්ය විදානපතිරණ මහතා කීය.

වීඩියෝවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනියකගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ද ඉදිරියේ දී ඇය තවත් තොරතුරු ලබාදීමට නියමිත යැයි ද විදානපතිරණ මහතා කීය.

එම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව විවේචන එල්ල කළ ද ළමා අපයෝජන සිදුවීමක් බැවින් සංවේදී ලෙස විමර්ශන කිරීමට සිදුව ඇතැයි සභාපතිවරයා කීය.

රජයේ රස පරීක්ෂකවරයාට එම වීඩියෝව ලබා දී ඊට අමතරව අධිකාරියේ පොලිස් ඒකකය මගින් වෙනම විමර්ශනයක් සිදුවන්නේ යැයි ද මහාචාර්ය විදානපතිරණ මහතා පැවසීය.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙම සිදුවීමට බලධාරින් නීතිය ක්‍රියාමක කරන්නේ මන්දගාමීව යැයි චෝදනා කරමින් පසුගියදා කොළඹ දී උද්ඝෝෂණයක් ද පැවැත්වූ අතර නීතිඥ සේනක පෙරේරා විසින් මේ ගැන එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට ද (යුනිසෙෆ් ආයතනය) පැමිණිල්ලක් කර තිබිණි.

(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article