Friday, September 20, 2024

යාපනයේ අස්වැන්නෙන් අර්තාපල් හා රතුලූනු මිල පහළට

Must read

මේ දිනවල අලුයම් කාලය වන විට යාපනය අර්ධද්වීපය තුල වගා කර ඇති අර්තාපල් හා රතුලූණු විශාල තොග වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්තානයට ලැබීමත් සමග රට තුලම අර්තාපල් හා රතුලූනු මිලි පහල ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ කියති.

මේ අනුුුුවමිල් පෙර රු.120ක් පමණ මිලකට අලෙවි වූ අර්තාපල් තොග මිල රු.75 – 80 දක්වාත්, රු.500 – 600කට පමණ අලෙවි වූ රතුලූනු මිල රු. 230 – 250දක්වාත් අඩු කිරීමට යාපනය ගොවීන්ගේ ඵලදාව සමත්ව ඇත.

එමෙන්ම තවදුරටත් අර්තාපල් සහ රතුලූණු මිල පහත වැටෙනු ඇති බවත් වීදේශීය රටවලින් අර්තාපල් අල ගෙන්වීම ප්‍රමාද කළ හොත් දේශීය අර්තාපල් සඳහා මිලක් හැදෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article