ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අබලි බස්රථ අලුත්වැඩියා කර ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීම සිදුකරනු ලබන ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම විසින් නවීකරණය කරල ලද බස් රථ 12ක් ලංගම වෙත භාරදීමට කටයුතු කර තිබේ.
මෙම සමාගම විසින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ 45ක් පමණ වැය කර චීනයෙන් ගෙන්වන උපාංග රැසක් රු. ලක්ෂ 6ක් වැනි මුදලකට තම සමාගම විසින් නිපදවිය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දන්වා ඇති අතර එම කොන්ත්‍රාත්තුව මෙම දේශිය සමාගමට ලබාදීමට අමාත්‍යවරයා එකඟත්වය පළ කර ඇති බවද වාර්ථා වෙයි.