Sunday, November 24, 2024

වරායේ රැකියා පුරප්පාඩු ගැන සමාජ මාධ්‍ය කථා බොරු – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Must read

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුරප්පාඩු 1000කට ආසන්න ප්‍රමාණයක් සඳහා බඳවාගැනීම් සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාරය අසත්‍ය බව එවැනි කිසිදු බඳවාගැනීමක් සිදුනොකරන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ ශ්‍රේණි කීපයක නිලධාරීන් විශ්‍රාම යාම නිසා වසර මැද භාගයේ එම ශ්‍රේණිවලට පුරප්පාඩු කිහිපයක් ඇතිවිය හැකි බව ලේකම්වරයා පෙන්වා දී ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන්ව ඇත.

එමෙන්ම එම පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදුකරනු ලබන්නේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළකිරීමෙන් පමණක් බව ලේකම්වරයා අවධාරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article