Sunday, November 24, 2024

බොකෝ හරාම් ත්‍රස්තයින් පුද්ගලයින් 30 දෙනෙකු පුලුස්සා ඝාතනය කරයි

Must read

නයිජීරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් වන බොකෝ හරාම් සංවිධානය විසින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ පුලුස්සා ඝාතනය කර කාන්තාවන් හා ළමුන් පැහැරගෙන ඇතැයි බීබීසී සේවය වාර්ථා කර සිටියි.

ත්‍රස්තවාදීන් විසින් මෙම පිරිස පුලුස්සා ඝාතනය කර ඇත්තේ සිය රථය තුල රාත්‍රීයේ නිදා සිටින අවස්ථාවේදීය.

වර්ෂ 2009 සිට බොකෝ හරාම් ත්‍රස්තකණ්ඩායම නයිජීරියාව තුල ක්‍රියාත්මක අතර මේ වන විට පුද්ගලයන් 35,000ක් පමණ ඝාතනය කර , මිලියන දෙකකට අධික පිරිසක් අවතැන් කොට තවත් සියගණනක පිරිසක් පැහැරගෙන ගොස් ඇත.

නයිජීරියා රජය පවසන ආකාරයට ඔවුන් බොකෝ හරාම් ත්‍රස්ත කණ්ඩායම පරාජය කල අවසන් , නමුත් තවමත් නයිජීරියාව තුල සිදුවන ත්‍රස්ත ක්‍රියාවන් වල අඩුවක් දක්නට නොමැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article