ඊයේ (08) දිනයේදී තායිලන්තයේ කරොට් නගරය මහත් භීතියකට ලක්කරමින් හැසිරුණු හමුදා සෙබලා තායිලන්ත ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කර සිටියි.
මෙම හමදු සෙබලා සිය හමුදා කදවුරේ කමාන්ඩර්වරයාටද වෙඩි තිබා කදවුරෙන් පැහැරගත් ගිනි අවි කිහිපයක්ද සමග කරොට් නගරයේ පන්සලක් හා වෙළද සංකීරණයක් තුල මෙම වෙඩි තැබීම් සිදුකිරීමට කටයුතු කර තිබිණි. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 42ක් පමණ තුවාල ලබා ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි.