Friday, November 15, 2024

රණවිරුවො හැමතැනම අඳින්න ඕනෙද? රජවරු හැමතැනම අඳින්න ඕනෙද? මේවත් බිත්ති සිතුවම් !

Must read

රැල්ල නිම වෙමින් තිබියදී මේ සිතුවම පානදුර station එකේ ගොඩනැගිල්ලක බිත්තියේ ගොඩාක් කාලයක් තිස්සේ හෙමින් හෙමින් ඇඳෙමින් තිබෙන එකක්.මේ බලන්න මේ චිත්‍රයේ කොතෙක් දුරට ව්‍යූහාතමක තර්කනයක් තියෙනවද කියල.ගාලු පාර ,ස්ටේශන් එක,පනදුර මුහුද,හොටෙල්ස්,දියවර stylized කරල තියෙන්නෙ ගම්මුදා ශෛලියට වඩා ගොඩක් දියුණු විදියට. රණවිරුවො හැමතැනම අඳින්න ඕනෙද?රජවරු හැමතැනම අඳින්න ඕනෙද?හාමුදුරුවරු හැමතැනම අඳින්න ඕනෙ ද?ඉතිහාසය හැමතිස්සෙම ගේන්න ඕනෙද? මේ නිදහස් අවකාශය නිදහසේ චිත්‍රණය කිරීම මහජනයාගෙ ඇහැටත් මනසටත් නිදහසක් හදනවා.මම දිගින් දිගටම ප්‍රකාශ කලේ රැල්ල නියාමනය කිරීම පිලිබඳ විවේචනයක්.මේ රැල්ල ඇතුලෙම මම මේ දෙපැත්තම කතා කලා.ආන්තික දේශපාලන පාටවලින් සමහරු ගත්තේ විවේචනයේ එක පැත්තයි.එතකොට සංවාදය දියුණු නෑ.ගෝත්‍රිකයි.නෙලුම් කුළුණ කියන්නෙ තාක්ෂණික ලෝකයේ නැවුම් පොලාපැනීමක් ශ්‍රී ලංකාවට.ඒ වගේම ආර්කිටෙක්චරල් ගැම්මක් තියෙන universal වැඩක්.ඒකෙ තියෙනවා නේද ශ්‍රී ලන්කන් සහ යුනිවර්සල් කියන දෙකම දෙමුහුන් කරල ලස්සනට.ඇයි අපි දේවල් හිතාමතාම ඉරේස් කරන්නෙ?
මීඩියාවල උනත් රැල්ලෙ ඒකපාර්ශවීය කතාවලට විතරයි ඉඩ දුන්නෙ.ඒ ලයිසන් එකෙන් සමහර විකාරසහගත අදහස් සමාජගත වන එකට කවුරුවත් පස්සෙ වගකියන්නෙ නෑ.දැන් ඒ චිත්‍ර රැල්ල මග නතර කරපු එකට ඇයි තල්ලු දෙන්න බය?රැල්ල ඇත්තනම් continue වෙන්න ඕනනේ.ජනකලාවක,සම්ප්‍රදායක අඛණ්ඩවතාවමයි එය ඉදිරියට තල්ලු කරන්නෙ.

ප්‍රගීත් රත්නායක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article