Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ යාපනය ගුවන්ගමන් අද සිට

Must read

කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක් අද(01) සිට ඇරඹීමට නියමිතය.
ෆිටිස් ගුවන් සමාගම විසින් මේ සසහා ATR 72 වර්ගයේ මගින් 70කට ගමන් කල හැකි ගුවන්යානයක් යොදවා ඇත. සෑම සෙනසුරාදා, සදුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි. රත්මලානෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ළඟා වන්නේ පෙ.ව. 8.30ටයි. නැවතත් පෙ.ව. 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිතය.යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන්සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

ඒ අකුව අද උදෑසන 7.30ට ප්‍රථම ගුවන් යානය රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය බලා පියත් වීමට නියමිතය.

කොළඹ හා යාපනයට ගමන් කිරීම සදහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 7,500 කි. ඒ අනුව කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹ පැමිණිම සදහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 15,000 කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article