බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ලග තබාගැනීමේ සම්බන්දයෙන් වැඩ තහනමකට ලක්ව සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි ප්‍රකාශයක් කිරීම මගින් අධිකරණයට අපහාස කළැයි කියන සිදුවීමක් සම්බන්දයෙන් කරුණු දැක්වීම සඳහා අද (24) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්නට ඊයේ (23) නියම කරමින් නොතිසි නිකුත් කළේය.පසුගිය 12 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න අදහස් පළ කරමින් මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග  බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් පැමිණිල්ලට ලකුණු කිරීමට පවා නොහැකි ලේඛන ලකුණු කිරීම සඳහා විනිසුරුවරයා විසින් පැමිණිලි පාර්ශ්වය පොළඹවා ඇති බවත් පවසා ඇතැයි දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් දැනුම් දීම හේතුවෙන් ඒ මහතා කල ඉල්ලීමකට අනුව විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබාදී තිබේ.