එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්ථා වෙයි. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාරදුන් බව අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක කටයුතු කර ඇති ඒ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.