Monday, November 25, 2024

වතු කම්කරුවන්ගේ වැටුප රු.1000ක් කරන්න බැහැ – වතු වැවිලිකරුවන්ගේ සංගමය දැනුම්දෙයි

Must read

වතු වැවිලිකරුවන්ගේ සංගමය, ලංකා සේව්‍ය සම්මේලනය , හා විදායක නිලධාරීන් සමග වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ හා රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරුන් අතර ඊයේ (20) පැවැති සාකච්ඡාවේදී වතුකම්කරුවන් සදහා රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි බව වතු වැවිලිකරුවන්ගේ සංගමය රජය වෙත දන්වා තිබේ. නිෂ්පාදන වියදම ඉහළ යාමත් තේ අලෙවිය පහත වැටීමත් මත රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි බව වතු වැවිලිකරුවන්ගේ සංගමය විසින් අමාත්‍යවරුන් වෙත පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර එහිදී වතු වැවිලිකරුවන්ගේ සංගමයටත්,වතු වෘත්තීය සමිති වලටත් පාඩුවක් නොවන ආකාරයෙන් මෙම වැටුප් වැඩිවීම වතු කම්කරුවන් වෙත ලැබෙන ක්‍රමවේදයක් සකස් කල යුතු බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කර ඇත.

මේ වන විට 2019 වසරේ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව වතුකම්කරුවන් සදහා දෛනික වැටුප වශයෙන් රුපියල් 750ක මුදලක් ගෙවනු ලැබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article