2005 වසරේ අගෝස්තු 12 වන දින කොළඹ පිහිටි සිය නිවසේදී ඝාතනයට ලක්වූ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතන සිදුවීම සම්බන්දයෙන් ශ්‍රී ලාංකිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ.
ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් මෙම දඩුවම නියම කර ඇති අතර ඒ අනුව වසර 06ක සහ මාස 10ක සිරදඬුවමක් අදාළ වැරදිකරුට නියම කිරීමට කටයුතු කර තිබේ.
මෙම පුද්ගලයා 2012 වසරේදී ජර්මනියේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කර ඇති පුද්ගලයෙකි.