Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

පෙබරවාරි දක්වා වැස්ස නෑ

Must read

වැසි රහිත කාලගුණ තත්ත්වයක් පෙබරවාරි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලය තුළ වැසි ලැබීම සාමාන්‍ය මට්ටමට වඩා පහළ මට්ටමක පවතින බැවින් වැසි ලැබෙනතුරු උෂ්ණත්වයේ අඩු වැඩි වීම් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.

මේ අතර අද (14දා) දිනයේද උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම වැසි රහිත කාලගුණික තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගත වූ පැය 24 තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එය සෙල්සියස් අංශක 33.6 ලෙස සඳහන් වූ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

කොළඹ, අනුරාධපුර, මඩකලපුව, ගාල්ල, මහනුවර, යාපනය, රත්මලාන, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 හෝ ඊට වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

වැසි රහිත කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අතුල කරුණානායක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ,

“වර්තමානයේ තිබෙන කාලගුණික දත්න අනුව ජනවාරි, පෙබරවාරි මාසවල වර්ෂාවේ අඩු වීමක් වෙන්න පුළුවන්. ඒ අඩු වීම කොතෙක්කද කියලා අපට දැන්ම කියන්න බැහැ” යනුවෙනි.

 

(ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article