Wednesday, November 20, 2024

ප්ලාස්ටික් වතුර බෝතල් තහනමක් ! : ජනපති කාර්යාලයෙන් ඇරඹේ !!

Must read

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්ලාස්ටික් පානීය ජල බෝතල් පාවිච්චිය අවම කරලීම කෙරෙහි අවධානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවන් සඳහා සහභාගිවන්නන්ගේ පරිභෝජනයට ප්ලාස්ටික් ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

දීර්ඝ කාලයක සිට ජනාධිපති කාර්යාලයට පැමිණෙන පිරිස් වෙත පානීය ජල බෝතල් ලබාදීම සිදුවූ අතර, ඒ හේතුවෙන් දෛනිකව පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණය පිළිබඳ සලකා බලා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇතැයි පැවසේ.

මෙම පියවර හේතුවෙන් පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණයේ සුළු හෝ අඩුවීමක් සිදුවන අතර, එය අනෙක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලද ක්‍රියාවට නැංවීම පිණිස දුන් ආදර්ශවත් ආරම්භයක් ලෙස සැලකිය හැකිය.

මින් ඉදිරියට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡා සඳහා සහභාගි වන්නන්ට ජල වීදුරු පිළිගැන්වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ මෙම පරිසර හිතකාමී ඉදිරි පියවර පරිසර සංවිධාන සහ පරිසර හිතකාමී ආයතන රැසක ඇගයීමටද ලක්ව තිබේ.

MOF05282019 3

යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර කටයුතු කළ සමයේ ඔහුද එම අමාත්‍යංශයට ප්ලාස්ටික් වතුර බෝතල් ගෙන ඒම සිමා කර තිබිණ. ඔහුගේ කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවන් සඳහා සහභාගිවන්නන්ට ලබාදී තිබුනේ වීදුරු බෝතල්වල ඇසුරු පානීය ජලයයි.

මේ නව රජය විසින් සිදුකරනු ලබන නව වැඩ පිළිවෙලවල් පිළිබඳ  සමාජ ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් මෙසේ සඳහන්කර තිබේ.

Screen Shot 2019 12 18 at 9.43.52 AM

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article