Tuesday, November 26, 2024

ෆයිට් කැන්සර් ගිණුම ගැන චෝදනා එම්.එස්. එම්. මොහොමඩ් මහතා ප්‍රතික්ෂේප කරයි

Must read

 

ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ ගිණුම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වන ගිණුමක් බවත් එයට තමගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. මොහොමඩ් මහතා පැවසීය.

මහරගම අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතා සිදුකළ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් නීතිඥයන් සමඟ සකච්ඡා කර ඔහු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියමර්ග ගන්න බවත් එම්. එස්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ අද (13දා) පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ යටතේ පවතින මහරගම අපේක්ෂා රෝහලේ ගිණුමට මෙම මුදල් බැර වන බවත් කිසිඳු පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් බියවිය නොවියයුතු බවත් හෙතෙම පැවසීය.

ෆයිට් කැන්සර් ව්‍යාපෘතිය 2016 වසරේ සිට ආරම්භ කළ බවත් මේ වනතුරු එය සාර්ථකව පවත්වාගෙන ආ බවද මොහොමඩ් මහතා කීවේය.

මෙම ගිණුමට අන්ත්වාදීන් මුදල් බැර කර ඇති බවට අධ්‍යක්ෂවරයා කළ චෝදනාව අසා තමා පුදුම වූ බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා , අගමැතිවරයා , ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

(අද)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article