Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Must read

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.

පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් රැස්කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද ඒවායේ දැකිය හැකි ලක්ෂණයක් වන බව මහ බැංකුව සඳහන් කළේය.

එමෙන්ම ඇතැම් ආයතන විසින් මහජනයා වෙත ප්‍රමාණවත් සහ නිවැරදි තොරතුරු හෙළි කිරීමකින් තොරව මුදල් තැන්පතු භාර ගන්නා බවටද තොරතුරු වාර්තා වී ඇති බවයි මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

ආයෝජන සිදු කිරීමේදී ඊට අදාළ ලියකියවිලි, ඒවායේ අඩංගු කොන්දේසි, නියමයන් හා ප්‍රතිලාභ, ඒවා කල්පිරීමේදී හෝ ඊට පෙර මුදල් ලබා ගැනීමට ඇති හැකියාව යනාදී කරුණු පිළිබඳ විමසා බැලීමෙන් අනතුරුව ආයෝජන සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දෙයි.

(adaderana.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article